Sunday, April 1, 2012

ඉනි මගේ ඉහලට

කුල භේදය යන වදන අපගේ දෙසවනට වැටෙන විට අපට සිහි වන්නේ පැරණි ඉන්දීය සමාජය හෝ අතීත සිංහල රජ කාලයයි. එසේ නමුදු මේ කුල භේදය සමාජය තුල සැමදා පවතින බවට ඕනෑ තරම සාක්ෂි තිබේ. වත්මනෙහි එය දුප්පත්, පහල මධ්‍යම, ඉහල මධ්‍යම සහ සුපිරි පැලැන්තිය ලෙස අපට දල වශයෙන් හඳුනා ගත හැක. දුප්පතා උත්සාහ කරන්නේ තමන්ට ඉහලින් ඇති ස්ථරයකට නැගීමටය. අනෙකුත් ස්තර තුල සිටින මිනිසුන්ද එසේමය. (මේ කියන්නේ බහුතරය ගැනය. ). එසේ නමුදු මේ සමාජ ස්තර හරහා ඉහලට නගින මිනිසුන් කිසිම විටෙක තමා ලබන ජයග්‍රහණයන් ගෙන් සැහීමකට පත් වන්නේ නැත. ඔවුන් බොහෝ දෙනෙකුට සතුටු වීමට වෙලාවක් නැත. මන්ද ඔවුන් සැම විටම ඉනි මගේ ඉහලට නගිමින් සිටින නිසාය. එසේ නමුදු තමන්ට ලැබෙන දෙයින් සතුටින් ජිවත්වන ඉතා සුළු පිරිසක්ද මේ සමාජයේ සිටිති. ඔවුන් ඉනි මගේ ඉහලට යාම වෙනුවට තමන්ගේ සතුට සොයා යති. ඔවුන්ට පිනක් දහමක් කිරීමට, සතුටු වීමට, විනෝද චාරිකා යාමට කාලය ඕනේ තරම් තිබේ. එසේ නම් අප උත්සාහ කල යුත්තේ ඉනි මගේ ඉහලට නැගීමට පමණක්ද? අප යම් මොහොතක ඉනි මගේ නැවතී අප ලද ජයග්‍රහණයන්ගෙන් සතුටු විය යුතුය. මුදල් පසු පසම හඹා යාම මගින් අපට කිසි දිනෙක සතුට ලඟා කර ගත නොහැක. ඉනි මගේ ඉහලට නගින අතර මදක් නැවතී ඔබගේ සතුට ගැන දෙවරක් සිතන්න. 

No comments:

Post a Comment