Saturday, September 17, 2011

සුවසේ ජීවත්වීම


බලාපොරොත්තු සහිත වීම යහපත් නමුත් බලාපොරොත්තු කඩ කර ගැනීම යහපත් නොවේ. පසු නොබැස ක්‍රියා කිරීම ඔබට අයත්ය. ප්‍රතිපලය දෙස බලමින් අහංකාර වීම හෝ කලකිරීම අපට උරුම දෙයක් නොවන්නේය. තමා කරන සියලු දෙයකින්ම ලැබෙන ජය පරාජය ක්‍රියාවට භාර කිරීම සුවසේ ජීවත්වීමට ඇති ප්‍රධාන මාර්ගයයි. ඉතා සියුම් ලෙස පරික්ෂා කර බැලු විට පරාජයෙහි මෙන්ම ජයෙහිද වටිනාකම ඇත්තේ ඒ සඳහා තමා පිළිපන් මාර්ගයෙහිය. ගන්නා ලද උත්සාහයෙහිය.

ප්‍රතිපලය දෙස ගිජු සිතින් බලන්නා තුල දියුණු වන්නේ බියගුළු කමත් නොසන්සුන් බවත්ය. මේවා සිතේ ධෛර්යයට වදින මාරක පහරවල්ය. සිතේ ප්‍රීතියට පහල වන බාධාය. නිර්භය බවත්, ස්ථිර ගතියත් ඇති තැන සැපය දියුණු වෙයි. ක්‍රියාත්මක වීමට රුකුල් දෙයි. "සියල්ල යහපතටය" යන උසස් වචනයේ නියම අදහස දන්නා තැනැත්තේ සුවසේ ජීවත් වන්නේය. 

1 comment:

  1. මේ වසරේ මා දුටු හොදම කෙටි ලිපිය මෙයයි.

    ReplyDelete