Wednesday, April 11, 2012

ජීවිතය සහ දහම

 




හරයෙන් තොර දැවයෙන් කවර ප්‍රයෝජනද? ගුණයෙන් තොර ඖෂධයෙන් කවර ප්‍රයෝජනද? රසයෙන් හා පෝෂණයෙන් තොර ආහාරය කුමකටද? එමෙන්ම ධර්මයෙන් තොර ජිවිතයෙන් ඇති ඵලය කවරේද?
ධර්මය සැබවින්ම ජීවිතය අලංකාර කරයි. ශක්තිමත් කරයි. වටිනා බවට පමුණුවයි. ධර්මයෙන් වෙන්ව කවර සැපතක්ද? කවර ප්‍රීතියක්ද? ධර්මය නම් ජිවිතයේ හරයයි. ජිවිතයේ ඵලයයි. ධර්මය අමතක කොට, ධර්මය නොසලකා යමෙක් ජිවත් වෙයි නම් ඔහු සැමවිටම වටිනා මනුෂ්‍ය දිවිය නිකරුනේ විනාශ කර ගනියි.
ඔබ කියන වචන, කරන වැඩ, සිතන සිතුවිලි සියල්ලම ධර්මානුකුල විය යුතුය. දිනපතා ඔබගේ ජීවිතය ධර්මයට අනුව ගමන් කරන්නේදැයි සිතා බැලිය යුතුය. එසේ නොවෙයි නම් අද සිටම ධර්මානුකුලව ජීවිතය ගෙන යාමට උත්සාහ කල යුතුය. එසේ නොකළහොත් ඔබගේ ජිවිතයෙන් නියම ප්‍රයෝජනය ඔබට ලබා ගත නොහැකි වනු ඇත.

No comments:

Post a Comment