Sunday, December 30, 2012

ඉන්දියාවෙන් ඉගෙන ගත හැකි පාඩම



එය අතිශයින්ම ශෝකජනක පුවතකි. 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් බසයක් තුල දුෂණයට ලක් වීමෙන් අනතුරුව සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින විට ඊයේ අවසන් ගමන් ගියාය. මෙය ලංකාවේ සිදු වුව නම් සාමාන්‍ය සිදුවීමකි .

එනමුත් ඉන්දියාවේ මහා දේශපාලනික හා සමාජීය කුණාටුවක් නිර්මාණය කිරීමට මෙම සිදුවීම සමත් වී ඇත .අවසානයේ මෙම සිසුවියගේ දේහය ඉන්දියාවට ගෙන එන ලද්දේ විශේෂ ගුවන් යානයකිනි . එය භාර ගැනීමට ඉන්දියාවේ අගමැති සහ පාලක පක්ෂ නායිකාව පැමිණ සිටියහ .

ඉන්දීය ජනතාව මෙම සිදුවීමට ඉතා ප්‍රබල විරෝධයක් මතු කල අතර අදාළ වැරදි කරුවන් 6 දෙනාට මරණ දඬුවම ලබාදෙන ලෙස බල කරමින් උද්ගෝෂණ සහ පෙළපාලි වලට ලක්ෂ ගණන් ජනතාව එක රැස්ව වුහ . මෙයින් අපට ඉගෙන ගත හැකි පාඩම වන්නේ ඉන්දීය ජනතාව තුල  තම සමාජය පිරිසිදු කිරීමට ඇති උනන්දුවයි . ඔවුන් මෙවැනි සිදුවීමක ඇති බරපතල කම ඉතා හොඳින් දැක ඇත . අප සමාජයට හැදෙන්නට මෙය ඉතා හොඳ පාඩමකි . අද මිය ගියේ වෛද්‍ය ශිෂ්‍යාවකි . හෙට එය ඔබගේ අසල වැසියාට සිදු විය හැක . ඉන් පසුව එය ඔබගේ පවුලේ අයෙකුට සිදු විය හැක . එම නිසා අදම එය නතර කල යුතුය. ඉන්දීය ජනතාව මෙය හොඳින් තේරුම් ගෙන ඇත . 

අපේ රටේ ජනතාව මෙය ඉක්මනින් අවබෝධ කර නොගත හොත් රට අරාජික තත්වයට පත් වීම සක්කරයාට  වත් නැවැත්වීමට  නොහැකි වනු ඇත .

1 comment:

  1. Macho........ ube kathawa therene egena gaththa herdashashiyak, lajja biya thiyana ayata pamanai.... eth un inne podaine machoooooo

    ReplyDelete