Sunday, May 27, 2012

ජනතා අපේක්ෂා සහ සරත් ෆොන්සේකා ගේ නිදහස


දිනෙන් දිනම ජිවන බරින් තෙරපෙමින් සිටි ජනතාවට තමන් මුහුණ දෙමින් සිටින ප්‍රශ්න අමතක කරවීමට මේ ආණ්ඩුව විටින් විට නොයෙකුත් ප්‍රයෝග ක්‍රියාත්මක කරනු දැක ගත හැකි විය. මෙම ක්‍රියාදාමයේ නවතම විකාශය වන්නේ සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමය.

එතුමා ගේ නිදහස් වීම මගින් ආණ්ඩුව එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගැනීමට සමත් වී ඇති බවක් පෙනෙන්නට ඇත. ඉන් පළමු කරුණ ඉහත විස්තර කල කරුණය. දෙවැන්න නම් දිනෙන් දින ඉහල යමින් තිබු ෆොන්සේකා මහතා ගේ ජනප්‍රියත්වය එතුමා හරහා ම බින්දුවට බැස්සිමය. සිර ගෙදරින් නිදහස් වූ ෆොන්සේකා මහතා ගෙන් ජනතාව අපේක්ෂා කලේ යුධ අපරාධ හෝ හමුදා බැරැක්ක ඉවත් කිරීම ගැන ප්‍රකාශ නිකුත් කිරීම නොවන බව එතුමා තේරුම් ගෙන නැත.ඇත්ත නම් එතුමාට ඒවා තේරුම් ගැනීමට අවශ්‍ය තාවයක් නැති බවය.

මන්ද යත් එතුමා තමන් තනිවම යුද්ධය දිනවූ බව ප්‍රකාශ කිරීමට නිතර උත්සුක වීමෙන් පෙනී යන්නේ එතුමා තම පෞද්ගලික දේශපාලන උවමනාවන් වෙනුවෙන් පෙනී සිටිනව මිස එතුමාට ජනතාව ගැන කැක්කුමක් නැති බවය. සරත් ෆොන්සේකා මහතා ගේ නිදහස් වීම පිලිබඳ වැඩිම බලාපොරොත්තු තබාගෙන සිටියේ එතුමාට චන්දය දුන් මෙරට යමක් කමක් තේරුම් ගත හැකි බුද්ධිමත් ජනතාව බව අප ට පෙනෙන්නට තිබුණි. නමුත් එතුමා නිදහස් වී සති දෙකක් ගතවෙන්නටත් පළමුව එතුමා ගේ ප්‍රකාශ මගින් අපට පෙනී යන්නේ එතුමා සහ මෙරට පාලක පන්තිය අතර වෙනසක් නැති බවය. එසේ නම් ජනතාව නැවතත් අපේක්ෂා භංගත්වයට  පත්වී ඇත.

No comments:

Post a Comment