එය අතිශයින්ම ශෝකජනක පුවතකි. 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් බසයක් තුල දුෂණයට ලක් වීමෙන් අනතුරුව සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින විට ඊයේ අවසන් ගමන් ගියාය. මෙය ලංකාවේ සිදු වුව නම් සාමාන්‍ය සිදුවීමකි .
එනමුත් ඉන්දියාවේ මහා දේශපාලනික හා සමාජීය කුණාටුවක් නිර්මාණය කිරීමට මෙම සිදුවීම සමත් වී ඇත .අවසානයේ මෙම සිසුවියගේ දේහය ඉන්දියාවට ගෙන එන ලද්දේ විශේෂ ගුවන් යානයකිනි . එය භාර ගැනීමට ඉන්දියාවේ අගමැති සහ පාලක පක්ෂ නායිකාව පැමිණ සිටියහ .
ඉන්දීය ජනතාව මෙම සිදුවීමට ඉතා ප්‍රබල විරෝධයක් මතු කල අතර අදාළ වැරදි කරුවන් 6 දෙනාට මරණ දඬුවම ලබාදෙන ලෙස බල කරමින් උද්ගෝෂණ සහ පෙළපාලි වලට ලක්ෂ ගණන් ජනතාව එක රැස්ව වුහ . මෙයින් අපට ඉගෙන ගත හැකි පාඩම වන්නේ ඉන්දීය ජනතාව තුල තම සමාජය පිරිසිදු කිරීමට ඇති උනන්දුවයි . ඔවුන් මෙවැනි සිදුවීමක ඇති බරපතල කම ඉතා හොඳින් දැක ඇත . අප සමාජයට හැදෙන්නට මෙය ඉතා හොඳ පාඩමකි . අද මිය ගියේ වෛද්‍ය ශිෂ්‍යාවකි . හෙට එය ඔබගේ අසල වැසියාට සිදු විය හැක . ඉන් පසුව එය ඔබගේ පවුලේ අයෙකුට සිදු විය හැක . එම නිසා අදම එය නතර කල යුතුය. ඉන්දීය ජනතාව මෙය හොඳින් තේරුම් ගෙන ඇත .
අපේ රටේ ජනතාව මෙය ඉක්මනින් අවබෝධ කර නොගත හොත් රට අරාජික තත්වයට පත් වීම සක්කරයාට වත් නැවැත්වීමට නොහැකි වනු ඇත .