Showing posts with label Sri Lanka. Show all posts
Showing posts with label Sri Lanka. Show all posts

Friday, July 20, 2012

ලාංකීය සමාජය තුල මධ්‍යම පන්තිකයාගේ අභියෝගය


මිනිසා යනු දේශපාලනික සත්වයෙකි. ඕනෑම අයෙකුට තමන්ට කැමති දේශපාලන  මතවාදයක් දැරිය හැක. ඒ පිලිබඳ අපට ගැටළුවක් නැත. අප කුමන මත වාදය දැරුවද පොදුවේ වර්තමාන ලාංකීය සමාජය තුල මධ්‍යම පන්තිකයා මුහුණ දෙන ගැටළු සම්බන්ධව විවරණයක් ඉදිරිපත් කිරීම මගේ බලාපොරොත්තුවයි.

අපට දේශපාලන නායකයන්ට ඕනෑ තරම් අවලාද නැගිය හැකිය. නමුත් ඒවායින් කිසිදු ප්‍රතිපලයක්  නොලැබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. අප කුමක් කීවද ඔවුන් ඔවුන්ට අවේනික දහදුරා වැඩ ටික කලට වෙලාවට නියම ආකාරයට සිදු කර ගනී. දේශපාලනික වශයෙන් රට ගොඩ දැමිය හැකි නායකයෙකු පෙනෙන තෙක් මානයක නැත. රටේ නිතිය සදාචාරය සම්බන්ධ පැහැදිලි ගැටළු පැන නැගී ඇත. එසේ නම් අපට කල හැක්කේ කුමක්ද? යම් තරමක වත් කමක් ඇති ඇතැම් දෙනෙක් වෙනත් රටවල් කරා සංක්‍රමණය වෙති. එය ඔවුන්ගේ තෝරාගැනීමය. නමුත් බහුතරයකට එසේ රට හැර දමා යා නොහැක. එසේ නම් අප කල යුත්තේ වල කටින්ම ගොඩ ඒමට උත්සහ දැරීමය. ඒ සඳහා මාගේ යෝජනා මාලාව පහතින් සඳහන් කරන්නෙමි.

  1. අපගේ මානුෂික ගති පවතුම් දියුණු කර ගත යුතුය. ඒ සඳහා ඔබගේ ආගම ඔබට උපකාර වනු ඇත.
  2. නිශ්චිත ඉලක්කයක් ඔස්සේ ජීවිතය ඉදිරියට ගෙන යා යුතුය.
  3. ඔබගේ සැබෑ හැකියාවන් හඳුනා ගෙන ඒ ඔස්සේ ඉදිරියට යාමට උත්සහ කල යුතුය.
  4. තමන්ගේ මුල හඳුනාගෙන කිසිම දිනෙක මුල අමතක නොකළ යුතුය. තමන්ගේ දෙමාපියන්, සහෝදරයන් කිසිම දිනෙක අමතක නොකළ යුතුය
මෙම කරුණු වෙත ඔබගේ අවධානය යොමු කරන අතර ඉතා වැදගත්ම කරුණ වන්නේ ඔබ වටා සිටින පුද්ගලයන් කුමන ආකාරයේ කෙනෙහෙලි කම් කලද තමන්ගේ උදාර ගති ගුණ නොසෙල්වෙන ලෙස ජිවත් විය යුතුය. එවිට ඔබ සැබෑ මනුෂ්‍යයෙක් වනු ඇති බව මාගේ විශ්වාශයයි.

ඔබගේ සාර්ථක ජීවිතය ගොඩ නැගීමට කිසිම විටක ඔබ ප්‍රමාද නැත. අවශ්‍ය වනුයේ ඔබගේ උනන්දුව පමණි. අනෙකුත් සැම දෙයක්ම ඔබ කර පැමිණීම අනිවාර්ය වේ.

කිසි ලෙසකින්වත් ඔබගේ උත්සාහය අත් නොහරින්න. ඉදිරියටම යන්න. ජයග්‍රහණය ඔබ කර ලඟා වනු නියතය.

ඔබ ජීවිතය සාර්ථක කර ගත පසු ඔබට දේශපාලකයන් කුමන දේ කලද ඔබට ශක්තිමත් මිනිසෙකු ලෙස ජිවත් විය හැක. එවිට ඔවුන් ඔබ කරා පැමිණෙනු ඇත.

Sunday, May 27, 2012

ජනතා අපේක්ෂා සහ සරත් ෆොන්සේකා ගේ නිදහස


දිනෙන් දිනම ජිවන බරින් තෙරපෙමින් සිටි ජනතාවට තමන් මුහුණ දෙමින් සිටින ප්‍රශ්න අමතක කරවීමට මේ ආණ්ඩුව විටින් විට නොයෙකුත් ප්‍රයෝග ක්‍රියාත්මක කරනු දැක ගත හැකි විය. මෙම ක්‍රියාදාමයේ නවතම විකාශය වන්නේ සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමය.

එතුමා ගේ නිදහස් වීම මගින් ආණ්ඩුව එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගැනීමට සමත් වී ඇති බවක් පෙනෙන්නට ඇත. ඉන් පළමු කරුණ ඉහත විස්තර කල කරුණය. දෙවැන්න නම් දිනෙන් දින ඉහල යමින් තිබු ෆොන්සේකා මහතා ගේ ජනප්‍රියත්වය එතුමා හරහා ම බින්දුවට බැස්සිමය. සිර ගෙදරින් නිදහස් වූ ෆොන්සේකා මහතා ගෙන් ජනතාව අපේක්ෂා කලේ යුධ අපරාධ හෝ හමුදා බැරැක්ක ඉවත් කිරීම ගැන ප්‍රකාශ නිකුත් කිරීම නොවන බව එතුමා තේරුම් ගෙන නැත.ඇත්ත නම් එතුමාට ඒවා තේරුම් ගැනීමට අවශ්‍ය තාවයක් නැති බවය.

මන්ද යත් එතුමා තමන් තනිවම යුද්ධය දිනවූ බව ප්‍රකාශ කිරීමට නිතර උත්සුක වීමෙන් පෙනී යන්නේ එතුමා තම පෞද්ගලික දේශපාලන උවමනාවන් වෙනුවෙන් පෙනී සිටිනව මිස එතුමාට ජනතාව ගැන කැක්කුමක් නැති බවය. සරත් ෆොන්සේකා මහතා ගේ නිදහස් වීම පිලිබඳ වැඩිම බලාපොරොත්තු තබාගෙන සිටියේ එතුමාට චන්දය දුන් මෙරට යමක් කමක් තේරුම් ගත හැකි බුද්ධිමත් ජනතාව බව අප ට පෙනෙන්නට තිබුණි. නමුත් එතුමා නිදහස් වී සති දෙකක් ගතවෙන්නටත් පළමුව එතුමා ගේ ප්‍රකාශ මගින් අපට පෙනී යන්නේ එතුමා සහ මෙරට පාලක පන්තිය අතර වෙනසක් නැති බවය. එසේ නම් ජනතාව නැවතත් අපේක්ෂා භංගත්වයට  පත්වී ඇත.